උතුරුමැද පළාත් සභාවේ සභාපති ටී එම් ආර් සිරිගල මහතාට එරෙහිව එම පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සැරැසෙති.
පළාත් සභාවේ පක්ෂ නායක රැස්වීම්වලදී ගනු ලබන තීරණයන් ක්‍රියාත්මක නොකිරීම ,විපක්ෂයේ මන්ත්‍රීවරුන් පළාත් සභා රැස්වීම්වලදී ඉදිරිපත් කරන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඔවුන්ට ලබා නොදීම වැනි කරුණු ඊට හේතුව බව කියති.

