උතුරු මැද අය වැය සම්මතයි


උතුරු මැද පළාත් සභාවේ අය වැය වැඩි ඡන්දයෙන් සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 19ක් ද, විරුද්ධව ඡන්දයක් ද ලැබිණි.

ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.

එජාප මන්ත්‍රීවරු නව දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සබා ගැබේ නොසිටියහ.