උතුරු මැද අමාත්‍යංශ හොර වැඩට විරෝධය


උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යාංශවල අක‍්‍රමිකතා සිදුවෙතියි විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රිවරු  දස දෙනෙක් අද(22) රුස්විමේදි සභා ගර්භයෙන් ඉවත්ව ගියහ.

“හොර රහසේ පත්වීම් දෙනවා.ඒ වාගේම තමයි හොර රහසේ බඩු බෙදනවා.අපි කිසි දෙයක් දන්නේ නැහැ.බදදා පළාත් සභා සංකිර්ණයට ආපුවාම එක එක අමාත්‍යාංශ වලින් බඩු බෙදනවා. මේක නිකං ඉරිදා පොළක් වාගේ.පොලොන්නරුවේ මන්ත‍්‍රිවරයෙක් කිවා ඒ පළාතේ කුකුළු පැටවු සහ බඩු මුට්ටු බෙදනවා,එගොල්ල කිසිවක් දන්නේ නැහැ කියලා.මේවා ජනතාව දැනගන්න ඕණැ.බඩු බෙදිල්ලට අපි විරෝධය පළ කරමින් මේ සභාවෙන් එලියට යනවා. ඒ වාගේම ඉදිරියේ පැවැත්වෙන අයවැයේදි අමාත්‍යාංශ මට්ටමින් විවාදයක් පැවැත්වෙනවා නම් පමණයි අපි අයවැයට සහභාගි වෙන්නේ කියන කාරණයත් මතක් කරමින් අපි සභාවෙන් පිටව යනවා “යැයි ගිණුම්කාරක සභාපති සරත් ඉලංගසිංහ මහතා පැවසීය.

ඔහු සමඟ ජනක් මහේන්ද්‍ර අධිකාරි,උපාලි විජේකෝන්,සම්පත් ශ‍්‍රි නිලන්ත වික‍්‍රමආරච්චි,අමරකිර්ති අතුකෝරල,ජි.ජි.චන්ද්‍රසේන,ජයන්ත මාරසිංහ,පි.බි.කුමාර,අබ්දුල් රහිම් හුසේන සහ විරසේන ගමගේ යන මහත්වරු මෙසේ සභා ගැබෙන් පිටව ගියහ

විපක්ෂ නායක අනිල් රත්නායක මහතා කියා සිටියේ යථාර්ථය දැන්වත් අවබෝධවිම සතුටට කරුණක් බවයි.විපක්ෂනායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත‍්‍රිවරු සභා ගර්භයේ රුදි සිටියහ.