උතුරු පළාතේ ප්‍රධාන ලේකම් රමේෂ් විජයලක්ෂ්මී මහත්මියට මරණිය තර්ජන කරමින් ශ්‍රී ලංකාවෙන් හා එතෙරින් දුරකථන ඇමැතුම් ලැබී ඇතැයි උතුරේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි කියයි.
විදේශගත ඇතැම් ශ්‍රී ලාංකිකයන් ඇය මානසික පීඩනයකට කැර තනතුරින් අස්වීමට බලකිරීම මේ ඇමැතුම්වල අරමුණ විය හැකියයිද මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කැර ඇතැයිද ආණ්ඩුකාරවරයා කියයි.