යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීම හෙළා දැකීමට දකුණද එක්විය. දින දෙකකට පෙර දුම්රියට පැන පාසල් සිසුවෙක් මියගිය බව මරණ පරීක්ෂණයේදී කියැවිණි.
විද්‍යා දැරියට නොදැක්වූ සැලකිල්ලක් සිය දිවි නසාගත් ශිෂ්‍යයකු වෙනුවෙන් උතුරු පළාත් සභාව අද ප්‍රදර්ශනය කළාලු. එහි සියලුම පාසල් අද නිවාඩු දුන්නේය. විද්‍යා දැරිය වෙනුවෙන් එසේ කළේ නැත. උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ආර්.රවීන්ද්‍රන් එම පාසල් වසාදැමූයේ උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ටී.කුරුකුලරාසාගේ නියෝගයක් යටතේලු.
මේ තීරණය දැනුම් දුන්නේ ඊමේල් මගිනි. ෆැක්ස් මගිනි. උතුරේ මහ ඇමැති හිටපු කීර්තිමත් විනිශ්චයකාරවරයෙකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකි. සියදිවි නසාගත් සිසුවකු වෙනුවෙන් පාසල් වැසීමේ ක්‍රියාවලියට ඔහුද දායකවී ඇති බව මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවාලු.
අධ්‍යාපන ඇමැතිගේ පෞද්ගලික ලේකම් ඒ.කේ.ෂන්මුගනාදන් කියනුයේ තම ඇමැති කොළඹ ගොස් ඇති බවක්ලු. ඔහු ඇමැති වෙනුවෙන් උතුරේ මාධ්‍යයට ලිපියක්ද ඉදිරිපත් කළ බව මාධ්‍ය කියයි. යාපනයේ කොකුවිල් සිසුවාගේ සියදිවි නසාගැනීම ඔහු ශෝකය පළ කරයි. ඔහුගේ මරණය නිසා පාසල් දරුවන් කලහකාරී ලෙස හැසිරීමට ඉඩ ඇති නිසා පාසල් වැසීමේ තීරණය ගත් බව ඔහු කියයි. එය ලූලා නැති වළට කනයා පණ්ඩිතයාය යන කියමන හා හරියටම ගැලපෙනවාලු. දරුවන් කලහකාරී ලෙස හැසිරීමට හේතුව ඔහු නොදක්වයි. එම සිසුවාගේ සාක්කුවේ දෙමළෙන් ලියූ ලිපියක් ගැන ඔහු කියනවා විය හැකිලු. ‘දෙමළ සිරකරුවන් නිදහස් කළ යුතුය‘ යන්න ඒ ලිපියේ සඳහන් වෙතියි කියති. එම ලිපිය ඔහු ලියුවාද යන්න සැකහැර තහවුරු කරගෙන නැතිලු. පොලිසියටද එය ප්‍රශ්නයක්ලු. ඔහුගේ මරණ පරීක්ෂණයේදී කළ යුතුව තිබුණේ එම ලිපිය අත් අකුරු විශේෂඥයකු ලවා පරීක්ෂා කිරීමය. එසේ කළ බවක් මරණ පරීක්ෂකද නොකියයි. පොලිසියද නොකියයි. නීති විශාරදයකු වන මහ ඇමැති විග්නේෂ්වරන් ද නොකියයි.
අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මාන බලන කපටි දේශපාලනඥයකුට එවැනි ලිපියක් ලියන්නට ඇති හැකියාව බැහැර කිරීම උතුරේ පාලකයන්ගේ වගකීම විය යුතුලු. එවැන්නක් මෙතෙක් සිදුවී නැතිලු. අනෙක් කාරණය වනුයේ සිසුවා වෙනුවෙන් පාසල් වැසීම හරියටම නොවැම්බර් 27 වැනිදා සිදුවිය. ප්‍රභාකරන් උතුර හොල්ලා ගෙන සිටින සමයේ සිදුවූයේද එයලු. ඔහු නැතත් අද ඒ දේ සිදු වෙනවාලු. එය අහඹු සිද්ධියක්ද එසේ නැත්නම් බළලුන් ලවා කොස් ඇට බෑවීමක්දැයි කවදා හෝ එළිවනු ඇතැයි උතුරේම මධ්‍යස්ථ මත දරන්නෝ කියනවාලු.

