තමා ඝාතනය කිරීමට සැලසුම් කිරීම පිළිබද සත්‍ය අසත්‍යතාවය කුමක්ද යන්න තමා නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ හා නඩු විභාගයන් සිදුවන මොහොතක උතුරු මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතා සිදුකරන ලද ප්‍රකාශයන් වැරදි බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
තමන් ඝාතනය කිරිමට සැලසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකළ යුතු යැයි තමා කිසි විටක බල නොකරන බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවත් සුමන්තිරන් මහතා කීවේය.

