උතුරු පළාතේ දක්‍ෂ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් හඳුනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් විසින් යාපනයේ ශාන්ත ජෝන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පවත්වන ලද දෙදින පුහුණු වැඩසටහනට 110 කට අධික ක‍්‍රීඩකයෝ පිරිසක් සහභාගි වූහ.
මෙම පුහුණු වැඩසටහනට යාපනය, මුලතිව්, වව්නියාව, කිලිනොච්චිය සහ මන්නාරම යන දිස්ත‍්‍රික් නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් මෙන්ම පාසල් ක‍්‍රිකට් ආචාර්යවරු සහ පුහුණුකරුවෝද සහභාගි වූහ. මෙහිදී ජාතික වයස් කාණ්ඩ සංචිතවලට ඇතුළත් වියයුතු කී‍්‍රඩකයන් සහ දිස්ත‍්‍රික් පුහුණුකරුවන් යටතේ අඛණ්ඩව පුහුණුව ලැබිය යුතු කී‍්‍රඩකයන් වශයෙන් මට්ටම් දෙකකින් යුත් කී‍්‍රඩකයන් හදුනා ගන්නා ලදී.
මෙයට සහභාගි වූ උතුරු පළාතේ පුහුණුකරුවන්ට ද පුහුණු සැසියක් පැවැත්වූ අතර එහිදී විශේෂයෙන් ක‍්‍රීඩකයන්ගේ ශාරීරික ආබාධ අවම කිරීම සහ ඇතිවන ආබාධයක් මනා ලෙස කළමණාකරණය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණ. පාසල් ක‍්‍රිකට් භාර ආචාර්යවරුන් වෙනුවෙන් ද මෙහිදී විශේෂ වැඩසටහනක් පැවැත්විණ.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු නවීඞ් නවාස්, වයස 19 න් පහළ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන, ජාතික දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග, වයස 19 න් පහළ පිලේ වේග පන්දු පුහුණුකරු ප‍්‍රභාත් නිශ්ශංක, ක‍්‍රිකට් ආයතනයේ පුහුණු
උපදේශකවරුන් වන ජේ. සී. ගමගේ සහ හේෂාන් ද මෙල් යන මහත්වරු මෙම පුහුණු වැඩසටහන මෙහෙයවූහ.
..