උතුරු පළාත් දුම්රිය ගේට්ටුකරුවෝ වර්ජනයක් අරඹති


(සිතුම් චතුරංග ඡායාරූප-ජවුෆර් ඛාන්)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් උතුරු පළාත් දුම්රිය ගේට්ටුකරුවන් වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

ස්ථිර පත්වීම් ලබාදෙන ලෙසත්, දැනට ක‍්‍රියාත්මක වන රුපියල් 7500 දීමනාව ඉහල දමන ලෙසත් , උත්සව දීමනා හෝ රක්ෂණ දීමනා , අර්ථසාධක දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් වැඩවර්ජනයට හේතු වූ බව උතුරු අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ගේට්ටුකරුවන්ගේ ඒකකයේ සභාපති එස්.ජේ රොෂාන් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීම්වලට ජනාධිපතිවරයා ,අගමැතිවරයා හෝ අමාත්‍යවරයා යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වූ බව ඒ මහතා කියයි.

තමන් පොලිස් දෙපාර්තමේන්තුව යටතේ සේවයේ යොදවා තිබීමෙන් ගැටළුවලට මුහුණ දෙන බවත් තමන් දුම්රිය දෙපාර්තමේන්තුවට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත කරන ලෙසට  ඉල්ලා සිටින බවත් ඒ මහතා පවසයි.

උතුරු පළාතේ දුම්රිය හරස්මාර්ග ගේටුට්කරුවන් අතරින් අඩකට ආසන්න පිරිසක් මෙම වර්ජනයට සහය නොදෙන බවත් හරස්මාර්ගවලට පොලිස් නිලධාරීන් යොදවන බවත් උතුරු පළාත් පොලිසිය පවසයි.

හරස්මාර්ගවලින් ගමන් කිරීමේදී අවධානයෙන් ගමන් කරන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලයි.