උතුරු නැගෙනහිර බිඳුණු හදවත් සුවපත් කරන බව ජනපති කියයි.


පටු දේශපාලන මතවාදයට වඩා හැම දෙනාම එකට ජීවත්වීමට කටයුතු කිරීමටයි අපි කල්පනා කරන්නේ. උතුරු නැගෙනහිර බිඳුණු හදවත් එකට එක් කරන්න ජනතාව අතර සුහදතාවය ඇති කරන්න ජනතාවගේ ආර්ථික තත්ත්්වය ඇති කරන්න විශාල වැඩ කොටසක් කරනවා යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
උතුරු නැගෙනහිර යුද්ධයෙන් විපතට පත් හා අවතැන් වූවන්ට වන්දි ගෙවීම සඳහා අරලියගහ මන්දිරයේ පැවැති රැුස්වීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවැසීය.
උතුරු නැගෙනහිර යුද්ධයේදී අත්අඩංගුවට පත් අයගෙන් සියයට 99ක් සමාජගත කර තිබෙන බවත් ඒ හැම දෙනාගේම පවුල් ආර්ථික අතින් දියුණු කිරීම සඳහා රජය කටයුතු කරන බවත් ජනාධිපති කීය.