උතුරු තරුණයා කටාරයෙන් පිටුවහල්


ව්‍යාජ වීසා භාවිතා කරමින් නීති විරෝධී ලෙස  ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකු  අද කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු යාපනයේ තෝපායි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකි.

ඔහු පසුගිය 07 වෙනිදා කටාර් ගුවන්සේවයට අයත් කිව්.ආර් 660 දරන ගුවන් යානයෙන්  දෝහා කටාර් හරහා ඉතාලියාට යාමට මෙරටින් පිටත්ව ගොස් ඇත. දෝහා  ගුවන්තොටුපොළ  බලධාරීන්  විසින් සැකකරුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඔහු ව්‍යාජ  වීසා භාවිතා කරමින් ඉතාලියට යාමට උත්සහ කරන  බව අනාවරණය වීමෙන් පසු ආපසු හරවා මෙරටට පිටුවහල් කර ඇත.

සැකකරුගේ ඉතාලියේ සිටින  මිතුරෙකු විසින් මාස හයක වලංගු කාලයකට ඔහුට මෙම ව්‍යාජ වීසා සකස් කර දී ඇති බැව් වාර්ථා වෙයි.

මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශණ වලින් අනතුරුව  සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දීමට නියමිතය.