උතුරු ඡන්දෙට වැන්දඹු පෙරමුණකිනුත් එයි


උතුරු පළාත් සභා මැතිවරණයට වනැදඹු කාන්තාවෝ සංවිධානය නම් ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත් ව සිටියි.

මෙම කණ්ඩායමේ අපේක්ෂිකාවන් 19 දෙනෙක්ම10 දෙනකුම වැන්දඹු කාන්තාවෝය.

තම්බිපිල්ලේ ඉරුදියරාණිමේ කණ්ඩායමේ  නායිකාවයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය සමඟ උතුරට ගිය අවස්ථාවේදී මේ කණ්ඩායම හමු විය.

කණ්ඩායමේ නායිකා ඉරුදියරාණි මහත්මිය මෙසේ කීවාය.

‘අපි කාන්තාවන් වෙනුවෙන් උතුරු පළාතේ බලය ඉල්ලන්න තීරණය කළා. විශේෂයෙන් වැන්දඹු කාන්තාවන් දරුවන් , දරුවන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අද දේශපාලනය කරන පක්ෂ කාන්තාවන් වෙනුවෙන් හඩක් නගන්නේ නැහැ.‘

‘දැනටමත් අපේ කණ්ඩායමට විවිධ චෝදනා එල්ල කරනවා. අපි ආණ්ඩුවෙන් සල්ලි ගෙන ඡන්දයට ඇවිල්ලාලු , විපක්ෂයෙන් සල්ලි ගත්තැයි යැයි බොරු ප්‍රචාරය කරමින් සිටිනවා. හැබැයි අපි කාන්තාවන් එකතු වී මේ අභියෝගය ජය ගන්නවා.‘

‘ අද ළමා අපරාධ වැඩියි. පළාත් සභාවක් තුළින් අපිට උතුරේ කාන්තාවන් දරුවන් ශක්තිමත් කරන්න ඒ අය වෙනුවෙන් කතා කරන්න අපි ඉදිරිපත් වෙන්නේ. මැතිවරණ නීතියට ගරු කරමින් අපි ප්‍රචාරයක වැඩ කරන්නේ කාන්තාවන් විසින්මයි. හැබැයි යාපනයේ මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් ඇතැම් අය මැතිවරණ ප්‍රචාරණය කරනවා.‘

‘අපි උතුරේ පළාත් සභාව ඇති කිරීම පිළිබදව සතුටු වෙනවා. හැබැයි අද ඉදිරිපත් වෙලා ඉන්න පක්ෂ කවුරුත් අපේ කාන්තාවන්ට මොනවද කරන්නේ කියා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර නෑ.‘

යාපනය දිස්ත්‍රික්කයේ මෙම ස්වාධීන කණ්ඩායම සංවිධාන ගතව ගෙන් ගෙට ගොස් කාන්තාවන් දැනුම්වත් කරමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටියි.