උතුරු ඡන්දෙට එන්නේ නැහැ


ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත උතුරු පළාත් ඡන්දයට තරඟ නොකරන බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යාපනේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

‘අපි ඒ ඡන්දයට එන්නේ නැහැ. ආවොත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධන පිළිගත්තා වෙනවා. එම සංශෝධනයෙන් දෙමළ ජනතාවට නිසි බලය විමධ්‍ය ගත වී නැහැ. ඒ නිසා පළාත් සභාවට තරඟ කරන්නෙත් නැහැ. දෙමළ ජනයාට නිසි ලෙස බලය ලබා දෙමින්   ගෞරවය හා අයිතිවාසිකම් සුරැකෙන බලය බෙදීමක් අවශ්‍යයයි.‘