උතුරු පළාත් සභා මැතිවරණයේ ගිනි අවි භාවිත වීම සාධාරණ මැතිවරණයකට බරපතල තර්ජනයක් බවත්, මේ වන විට සාමාන්‍ය පුද්ගලයන් ගිනි අවි අතට ගෙන සිදු කැරුණු සිද්ධීන් දෙකක් යාපනයෙන් වාර්තා වීම භයානක තත්ත්වයක් බවත් සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (01) යාපනයේදී පැවසීය.
යාපනය නගරයේදී අපේක්ෂකයකුට ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම, චාවකච්චේරියේදී අපේක්ෂකයකුගේ ආධාරකරුවන් දෙදෙනකුට වෙඩි තැබීම යන සිද්දීන් දෙ වාර්තා වී ඇති බවත්, මෙතෙක් හොද තත්ත්වයෙන් පැවැති මැතිවරණ ව්‍යාපාරයට එය බලවත් තර්ජනයක් බවත් ඒ මහතා අවධාරණය කළේය.
මැතිවරණ ප්‍රචාරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සැළකිය යුතු මට්ටමකින් ඉහළ නගිමින් තිබෙන බවත්, පොලිසියේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවීම නිසා සාමාන්‍ය ජනතාවයෙන් පොලිසියට චෝදනා එල්ල වන බව පැවසීය.
දැනට ගිනි අවි භාවිතා කිරීමේ චෝදනා එල්ල වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සංධානයේ යාපනයට තරග කරන අපේක්ෂකයකුගේ පියකුට බවත් පැවසූ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේ චෝදනා එල්ලවී සිටින තැනැත්තාට මීට පෙර මැතිවරණ වලදීද මෙවැනිම චෝදනා එල්ල වූ අයකු බවයි.
සිවිල් සංවිධාන විශාල ගණනක් යාපනයේ ක්‍රියාත්මක වන බවත්, මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා සිවිල් සංවිධාන ශක්තිමත් විය යුතු බව ද කීය.