උතුරු ඡන්දය අරන් දුන්නට මෛත්‍රී මහින්දට ස්තූති කරයි


‘වැලි ගඩොල් සිමෙන්ති වලින් උතුර දකුණ  එකතු කරන්න බෑ.ඒ බව පහුගිය මැතිවරණ ප්‍රතිපල වලින්  මුළු රටටම පෙන්වා දුන්නා .මම රටේ ජනාධිපති ලෙසත්  රටේම පොදුජන සේවකයා ලෙසත්  උතුරෙත් දකුණෙත්  සියලු ජනතාවගේ එකමුතුකම ගොඩනැඟීම සඳහා උපරිමයෙන් ක්‍රියා කරනවා .‘ යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) යාපනේදී පැවසීය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී ඇරැඹුණු යාපනය සම්බන්ධිකරණ කමිටු රැස්වීම අමතමින් ජනපතිවරයා එසේ කීවේය.

‘උතුරේ ජනතාවගේ ප්‍රධාන  ඉල්ලිමක් වුණේ නව ආණ්ඩුකාරවරයකු ලෙස ඔවුනට පිළිගත් රාජ්‍ය නියෝජිතයෙකු  පත් කරන්න කියලා.මම එය ඉෂ්ට කළා.මම සෞඛ්‍ය ඇමැතිව ඉන්න කාලෙත් මේක මොවුන්ගේ ඉල්ලීම වුණත් හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා ඉටු කළේ නෑ.හැබැයි දැන් මට හිතෙනවා එදා එහෙම වුණේ හොඳට කියලා.මොකද මට ඡන්ද ලැබෙන්න විශාල හේතුවක් වුණා ඒ සිදුවීම.‘

‘උතුර දකුණ යනුවෙන් රට වෙන් වී පාලනයක් අවශ්‍ය නෑ. සියලු ජාතින් අතර ඇති බිය සැක හා අවිශ්වාසය නැති කළ යුතුයි.ඒ සඳහා අවශ්‍ය වන්නේ සමගියයි.ජාතීන් අතර සහෝදරත්වයයි,මිත්‍රත්වයයි.මුළු රටම මේ කාර්යයේදී සිටිය යුතුයි.ප්‍රජාතන්ත්‍රවාදය  ඔස්සේ ගමන් කළ යුතුයි.යුද සමයේ  ආරක්ෂක කලාප වල ඉඩම් ගත්තේ උතුරෙන් පමණක් නොවෙයි.නැගෙනහිරින් හා කොළඹිනුත් ගත්තා. ඒ ඉඩම් දැන් ටිකින් ටික ආපසු දීගෙන යනවා.‘

 

 

RDS_6590 RDS_6628 RDS_6638 RDS_6677 RDS_6715 RDS_6720 RDS_6806 RDS_6817 RDS_6823