යුද්දය හේතුවෙන් වසර 26 ක් පුරාවට වැසී තිබූ කිලිනොච්චිය කණ්ඩාවලෙයි කොම්බඩි අම්මාන් හින්දු කොවිලේ පූජාව වසර 26කට පසු බාල,තරුණ,වැඩිහිටි සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවත්විය.
යුද්දය නිසා 1990 දී එම කොවිලේ පූජා සියල්ලක්ම නතර වූ අතර පසුව දැඩි සේ අබලන්ව තිබූ කෝවිල පිළිසකර කැරිණි.
කුඹුරු හා කෘෂිකාර්මික කටයුතු වල දියුණුව උදෙසා මින් ඉදිරියට තමන්ගේ දෙවියන් රිසි සේ වන්දනාමාන කිරීමට අවස්ථාව උදා වී ඇති බව වැසියෝ කියති.