ඇමෙරිකා ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් (රුපියල් 21773052.22) රැගෙන යමින් සිටියදී කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටින උතුරු කොරියා ජාතිකයින් දෙදෙනා නිදහස් කරන්නැයි ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි උතුරු කොරියා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇතැයි දකුණු කොරියාවේ යොන් හැප් ප‍්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී.
එසේම ඔවුන් සතු මුදල්ද මුදා හරින ලෙසද නවදිල්ලියේ උතුරු කොරියා තානාපති කාර්යාලය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉකුත් සඳුඳා මෙම උතුරු කොරියානුවන දෙදෙනා ඕමානයේ සිටි චීනය බලා යන අතර තුරු වෙනත් ගුවන් යානයකට ගොඩවීමට කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී රේගු පරීක්ෂණයකට ලක්වී ඇති අතර එහිදී මොවුන් දෙදෙනා මෙම මුදල් සමඟ අත්අඩංගුවට පත්විණී.මෙම උතුරු කොරියා ජාතිකයින් දෙදෙනා එහිදී සඳහන් කර ඇත්තේ තම සහෝදර සේවකයින් ඕමානයේ වැඩබිම් වලදී උපයා ගත් මුදලක් මෙලෙස රැුගෙන යන බවය.
මෙරට පවතින රේගු නීතියට අනුව ඇමෙරිකා ඩොලර් දහසකට වැඩි මුදලක් තොරතුරු සඟවා ගුවනින් රැගෙන යාම තහනම් වේ.
කෙසේ වෙතත් මෙම උතුරු කොරියානුවන් දෙදෙනා සහ අත්අඩංගුවට ගැණුන මුදල් නිදහස් කරන ලෙස ඉන්දියාවේ උතුරු කොරියා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බවද දකුණු කොරියාවේ යොන් හැප් ප‍්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී.

