යාපන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ පෞද්ගලික ලේකම් බව කියන පුද්ගලයකු උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී.අයිකරනේෂන් මහතාට බෝතලයකින් පහරදීමත් සමග දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු රැස්වීම වර්ජනය කර ඉවත්වූහ.
කලබලය ඇතිවීමට පෙර සම සභාපතිවරුන් වන උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් හා දේවානන්ද මහත්වරු කථා කළහ. දේවානන්ද මහතාගේ කථාවේ දේශපාලන ස්වරූපයක් තිබූ බවත් ඊට පිළිතුරු දීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා නැගී සිටි බවත් කියති. ඔහු අත තිබූ මයික්‍රෆෝනය ඉවත් කරන්නැයි දේවානන්ද මහතා ඉල්ලා ඇත. කෘෂිකර්ම ඇමති ඊට විරෝධය පා කථාකරද්දී ඔහු පහර කෑමට ලක්වී තිබේ.



