උතුරු අප්‍රිකානුවා ලක් කතක් කෙළෙසයි


උතුරු අප්‍රිකා මිනිහෙකියි සැලකෙන පුද්ගලයකු ඉතාලියේ මිලානෝ නුවර කෝෂිකා ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික කතක් (38) අඳුරු පාරකට රැගෙන ගොස් කෙළෙසා ඇතැයි ඉතාලි පොලීසිය කියයි.

අපරාධවලට නමක් ගත් පැත්තකදී ඇයට මේ අතවරය වී ඇත්තේ වැඩ අවසන් වී බසයට නැගීමට යද්දීය.

නාඳුනන මිනිහා ඇය ටික දුරක් ඇදගෙන යද්දී ඔහුගෙන් බේරීමට ඇය ගත් උත්සාහය අසාර්ථක වීයැයි ද, කෙළෙසීමෙන් පසුව ඇය උදව් ඉල්ලා කෑ ගසා ඇතැයි ද, ඇය රෝහල් ගත කර ඇතැයි ද,  උදව්වට ආ අසල් වැසියන් ඇගේ ඇදුම් ඉරී තිබෙනු දැක ඇතැයිද, ඇයට සම්පූර්ණ සුවය ලැබුණු පසු සැකකරු පිළිබඳ වඩාත් පැහැදිලි විස්තරයක් ලැබෙතියි ද ඉතාලි පොලීසිය කියයි.