උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා අද (04) සෙංකෝලය විසි කළේය.
දෙමළ ජනතාව යුද සමයේ සමූහ වශයෙන් ඝාතනය වු බව පවසමින් ජාත්‍යතර පරීක්ෂණයක් අවශ්‍ය බවට කළ යෝජනාවට මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා විරුද්ධ විය.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන මහ ඇමැති ඔහුට පැවසුයේ සාක්කි හා එවැනි ඝාතන සිදු වු කාල වකවානු ඇතිව යෝජනා ඉදිරිපත් කළ යුතු බවයි.නියමිත පරිදි යෝජනාව ඉදිරිපත් කිරීමට වෙන දිනයක් දිය හැකි බව සභාපති ඔහුට කීවේය.
ඊළඟ වාරයේදී ඊට ඉඩ දෙන්නැයි මන්ත්‍රී ඉල්ලා සිටියේය.සභාපති ඊට විරුද්ධ විය.එවිට මන්ත්‍රීවරයා සිය අසුනෙන් නැඟිට සෙංකෝලය ඔසවා වීසි කළේය.පාලක දෙමළ සන්ධානයේ ඒ අස්මින් හා ටී රවිකරන් මන්ත්‍රීවරුන් අතර බහින්බස් වීමක්ද ඇති විය.



