උතුරු මහ ඇමැති පෙඩරල් ඉල්ලයි


උතුරු නැගෙනහිර පෙඩරල් පාලන ක්‍රමයක් ඇති කිරිමට මැදිහත් වන මෙන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේ දී පැවසුවේය.

ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට උතුරු පළාතෙන් ගිය  විද්වතුන් පිරිසක්  පෙරදින (28) ආපසු පැමිණීමෙන් පසුව ඔවුන් පිළිගැනීම පිණිස යාපනය ඉන්දීය උප තානාපති කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

‘දෙමළ ජනතාව දේශපාලන වශයෙන් ඉතාම භීෂණකාරී වටපිටාවක ජීවත් වූ අවස්ථාවේදී ඔවුන් බේරාගැනීමට ඉන්දියාව මැදිහත් වුණා. මේ අවස්ථාවේදී ද ඉන්දියාව මීට මැදිහත් වන බව මම විශ්වාස කරනවා.

‘ශ්‍රී ලංකා රජය එදා දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි තල්ලු වූයේ ඉන්දීය රජයේ බලපෑම නිසා. එහි ප්‍රතිළුලයක් වශයෙන් බලතල රහිතව හෝ උතුරු නැගෙනහිර පළාත් දෙකට පළාත් සභා දෙකක් ලැබුණා.’

‘යුද්ධය හමාර වීමෙන් පසුව දෙමළ ජනතාව යළිත් වරක් දේශපාලන කුණාටුවකට හසුවී සිටිනවා. මේ නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට දේශපාලනමය විසදුමක් වශයෙන් ඇත්තේ පෙඩරල් විසදුමක් පමණක් බව ඉන්දියාව තේරුම් ගෙන තියනවා’යැයි ඔහු කීවේය.

 

01[1] 97a4d9871dcfbfb268a7b20d76cd18fe50417d6cb3abdc26a3d6697bee97f8b0 IMG_8809[1] IMG_8890[1]