නීති විරෝධී ලෙස ව්‍යාජ ගුවන් ගමන් බලපත් හා වීසා භාවිතා කරමින් ඉතාලිය බලා යාමට උත්සහ කළ තරුණයන් දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රහස් පොලිස් නිලධාරී්න් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ යාපනය සහ ත‍්‍රීකුනාමලය ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 28 සහ 31 වියේ පසුවෙති.
මොවුන් දෙදෙනා ඩුබායි හරහා ඉතාලි යාම සඳහා ව්‍යාජ ලියකියවිලි සකස්කරගෙන ගුවන්තොටුපලට පැමිණ ගුවන්ගතවීමට ආසන්න මොහොතකදී ආවේෂණ රාජකාරියේ නියුතු අපරාධ පරීක්ෂණ දෙපරේතමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
එක් අයකෙුගෙන් රුපියල් ලක්ෂ 35 බැගින් වු මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත මෙරට සිටින තැරුවිකරුවෙකු විසින් මෙම ලියකියවිලි සකස් කර දී ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත. ඉතාලියට ගිය පසු එම මුදල් අදාල තැරැව්කරුට ලබා දීමට පොරොන්දුව මත මොවුන් මෙලෙස විදේශ ගතවීමට උත්සහ කර තිබේ.
මේ පිළබඳ කරන ලද විමර්ශණ කටයුතු වලින් අනතුරුව සැකකරුවෝ මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

