උතුරේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් සහිත යෝජනාවලියක් සකස් කිරීමට දෙමළ ජනතා මණ්ලය 14 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි නව පක්ෂයේ දෙවැනි සැසියේ දී එම කමිටුව පත් කළ බව එම ආරංචි සඳහන් කරයි.
තුන් මාසයක් ඇතුළත සකස් කරන එම යෝජනාවලිය මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රමුඛ රජයට බාර දීමට ද එහි දී එකඟතාවය පළ කර තිබේ.
දෙමළ ජනතා මණ්ඩලයට දෙමළ ජාතික සන්ධානය සමඟ සම්බන්ධ පක්ෂ කිහිපයක සහයෝගය ලැබී තිබේ.

