රුපියල් කෝටි දෙසීයක වියදමකින් කිලිනොච්චි නගරයේ ජාත්‍යන්තර දෙමළ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ යෝජනාවක් පසුගිය සෙනසුරාදා ඉන්දියාවේ පොන්ඩිචෙරි නුවරදී පැවැත්වුන ද්‍රවිඩ සංස්කෘතිය සුරැකීමේ ජාත්‍යන්තර සම්මේලනයේදී සම්මත වූ බව "හින්දු"පුවත්පත වාර්තා කරයි.
කැනඩාවේ දෙමළ සංස්කෘතිය සුරැකීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ" ඉන්දියා ශාඛාව විසින් සංවිධානය කැරුණු මෙම දෙදින සම්මේලනයට ඉන්දියාවේ තමිල්නාඩු, කර්ණාටක, පොන්ඩිචෙරි යන ප්‍රාන්තවලින් ද ශ්‍රී ලංකාව, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ දකුණු අප්‍රිකාව යන විදෙස් රටවලින්ද නියෝජිතයෝ 150 ක් සහභාගිවී වූහ.
ලෝකයේ විවිධ රටවල ජීවත්වන දෙමළ ජනතාව අතර ඔවුනගේ සංස්කෘතික හා භාෂා උරුමය රඳවා ගැනීමේ ක්‍රම හා විධි පිළිබඳව මෙහිදී සාකච්චා කර ඇත. විශේෂයෙන් තම මව් භාෂාව භාවිතා කිරීමේ අඩු අවශ්‍යතාවයක් ඇති විදේශයන්හි ජීවත්වන තරුණ පරම්පරාව වෙත මෙම පණිවිඩය ගෙනයාමේ වැදගත්කමද මෙහිදී කතා බහට ලක්වී ඇත.
ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවන් ඉගෙන ගන්නා ද්‍රවිඩ දරුවන් හට ලෝකයේ පෞරාණික ශාස්ත්‍රීය භාෂාවක් ලෙස පිළිගත් දෙමල භාෂාව මෙන්ම සංස්කෘතියෙහි ඇති සාරවත්භාවය වටහාදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව සම්මේලනය සඳහා පැමිණ සිටි කීර්තිමත් විද්වත්හු, ලේඛකයන් ඇතුළු පඬිවරු අදහස් ඉදිරිපත් කළහ.
විදෙස් රටවල දෙමළ ජාතිකයින් හට භාෂාව ඉගැන්වීමේදී පිළිපැදිය යුතු පාඩම් ක්‍රම හා විෂය මාලාවන් පිළිබඳවද මෙහිදී සාකච්චා කර ඇත.
මෙම වැඩපිළිවෙළෙහි ආරම්භයක් වශයෙන් ද්‍රවිඩ සංස්කෘතිය සුරැකීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ මුලිකත්වයෙන් 2017 වසරේදී කිලිනොච්චි නඟරයේ ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාව සම්මතවී ඇති අතර එම සංවිධානයේ කැනේඩියානු නියෝජිත නාඩා රාජ්කුමාර් එම මධ්‍යස්ථානය " එක්සත් ජාතීන්ගේ සංවිධානය" වැනි පුළුල් විධිමත් ආයතනයක් ලෙස ස්ථාපිත කෙරෙන" බවත් එහිදී ක්‍රියාත්මක කෙරෙන්නේ "හුදෙක් දෙමළ භාෂාව සහ සංස්කෘතිය සුරැකීමේ වැඩකටයුතු පමණක්" බවත්, " දේශපාලනයට සම්බන්ධ වැඩකටයුතු කිසිවක් එම මධ්‍යස්ථානයට සම්බන්ධව සිදු නොකරන" බවත් පවසා ඇත.
ලෝකයේ දෙමළ භාෂාව කතාකරන පිරිස් ජීවත්වන රටවල් 160 නියෝජිතයින් එම මධ්‍යස්ථානය සඳහා පත්කෙරෙන බවත් ඔහු කියා ඇත.

