උතුරට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලයි


උතුරේ ඇතැයි කියන හමුදා පාලනය ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසක් වව්නියාවේදී උද්ඝෝෂණයක් කළහ.

දේශපාලනඥයන් දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකමින් සිටින බව ද ඔවුහු චෝදනා කළහ.

මේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව යුද හමුදාව කියයි.