උතුර හා පුලතිසිපුර ජලයෙන් යටවෙයි


පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල හතරවැනි වරටත් ජලයෙන් යටවිය.

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයේදී පිටාර ගැලීමෙන් ස්ථාන පහකින් මාර්ගය ජලයෙන් යටවිමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි.

සුංගාවිල - සෝමාවතිය මාර්ගය ද අඩි දෙකක් පමණ ජලයෙන් යටවීමෙන් එහි ගමනාගමනයද අඩාලවී ඇත.

29 දා උදෑසන සිට යාපනයට අධික වර්ෂාවක් ඇ`ද හැලෙමින් පවති.

ගතවු පැය 24 ක කාලය තුළ යාපනයට මිලිමීටර 103 ක පමණ වර්ෂාපතනයක් ඇ`ද හැලී ඇති බව වාර්තා වේ.

වැනි හේතුවෙන් යාපනය,පලෙයි කෝවිල්කාඩු ප‍්‍රදේශයේ නිවාස 12 ක ජනතාව අවතැන්ව සිටින බව දිස්ති‍්‍රක් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසයි.

වර්ෂාව සම`ග අධික සුළං ඇතිවිය හැකි බැවින් ධීවර ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දිස්ති‍්‍රක් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

DSC_0377 DSC00009 DSC00084 DSC03421

ඡායාරූප නිමල් ජයරත්න