උතුර මාර්ගයේ දුම්රිය 2ක් ගල්කිස්සෙන් යළි ගමන් අරඹයි


(යොහාන් භාසුර)

උතුර දුම්රිය මාර්ගයේ ධාවනය කරන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය දෙකක් නැවතත් හෙට (10) සිට ගල්කිස්ස දුම්රිය ස්ථානය ගමන ආරම්භය සහ ගමනාන්තය බවට පත්කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.

සති අන්තයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන අංක 4021 දරණ දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට සහ කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවන කරන අංක 4022 දරණ දුම්රියේ ගමනාන්තය ගල්කිස්ස දුම්රිය ස්ථානය කිරීමට තීරණය කළ බවත් කාර්ය මණ්ඩල හිඟතාවය හේතුවෙන් එම දුම්රිය ගල්කිස්ස කොළඹ කොටුවට පමණක් සීමා කළ බවත් ඉදිපොළගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.