
(නන්දන ඩී.කෙහෙල්ගමුව)
උත්තර ලංකා සභාගයේ පළමු මැයි රැළිය එහි ජාතික සංවිධායක ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ්පාර්ක පිටියේදී අද පස්වරුවේ පැවැත්විණි.
විජාතික මැදිහත්වීම්වලට රජ්‍ය දේපළ විකිණීමට ඡන්ද කල්දැමීමට,ජනතා මර්දනයට, සුභ සාධක කඩප්පාදුවට එරෙහිව මෙම මැයි රැළිය සංවිධානය කොට තිබුණි.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ධජය යටතේ, එම පක්ෂයට අයත් වෘත්තීය සමිති සාමාජික සාමාජිකයන් පෙළපාළියකින් මැයි රැළිය පැවැති ක්‍රිඩාංගනයට පැමිණියේය.
මැයි රැළිය අමතමින් උත්තර ලංකා සභාගයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද විජය ධරණී ජාතික සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලිය රතන හිමියෝද, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් දොස්තර පී.වීරසිංහ යන මහත්වරු ඇතුළු කීප දෙනෙක් මෙහිදී කතා කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


