(ඩයනා උදයංගනී)
දිවයිනේ දැනට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හෙටින් (17) පසු තරමක් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින හරහා සුළං වේගයේ සුළු වැඩිවීමක් අද (16) සිට අපේක්ෂා කරන බවත්, ඒ සමඟ පවතින උණුසුම් තත්ත්වය ද තරමක් අඩුවනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඊට අමතරව බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
දිවයින හරහා, විශේෂයෙන් හම්බන්තොට, මොණරාගල සහ මාතලේ දිස්ත‍්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි විය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.
හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප‍්‍රදේශ රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

