උණුසුම් කාලගුණ ගැන අවදානයෙන් ඉන්න


(යොහාන් භාසුර)

මෙරට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව විමසිලිමත්වියයුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම නිවේදනය අද සිට දින තුනකට බලපැවැත්වෙන බව කියන එම දෙපාර්තමේන්තුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළයුතු’ මට්ටමක පැවතිය හැකි බව ද සඳහන් කරයි.