
(රවින්ද්‍ර ලියනගේ)
වෙන්නප්පුව මිරිස්සන්කොටුව කිරාගාර ප්‍රදේශයේ නිවසක අල්මාරියක සගවා තිබු විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බව කියන බෝර 12 වර්ගයේ ජිව උණ්ඩ 24 ක් සමග පිය පුතු දෙපලක් අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි.
මිරිස්සන්කොටුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියක කටාන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයකු සමග ඇතිකර ගෙන තිබු ආදර සම්බන්දතාවයක් මත දෙදෙනා පැන ගොස් වෙනම ජිවිත්වි ඇති බව පොලිසිය කියයි.
එම සිද්ධියට තරුණියගේ පියා සහ සහෝදරයා තමාට පහර දිමට තැත් කරන බවට තරුණියගේ සැමියා වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ලේ දි තරුණයා විසින් තරුණියගේ මව සිය නිවසේ ජිව උණ්ඩ තොගයක් තිබෙන බවට ද පවසා ඇති බවට පැමිණිල්ලේ කර ඇති කරුණු මත පොලිසිය සිය නිවස පරාක්ෂා කර ඇත.
ඒ අනුව අදාල නිවස පරික්ෂා කිරිමේදි අල්මාරියක සගවා තිබු බෝර 12 වර්ගයේ ජිව උණ්ඩ 24 ක් බහා තිබු පාර්සලයක් සොයා ගත් බව පොලිසිය කියයි.

