මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක් අද අළුයම උණවටුනේ දී මුහුදට වැටී ඇතැයි පොලිසිය කියයි. රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි සිට ඇත්තේ රියදුරා පමණි. ඔහුට සුළු තුවාල සිදුව ඇත. රියදුරා පවසන්නේ ඉදිරියෙන් ආ තවත් රථයක් තමන් ධාවනය කළ දෙසට නැඹුරුව පැමිණි බැවින් තම රථය පාර අයිනට ගනිද්දී මුහුදට වැටුණු බවයි.
මාස කිහිපයකට පෙර මේ ස්ථානයෙන් ලංගම බසයක් ද මුහුදට වැටිණි.
ජායාරූප - රවී ලියනගේ
ජායාරූප - අමිල මධුෂංක


![IMG_8100[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_81001.jpg)
![IMG_8104[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_81041.jpg)
![IMG_8105[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_81051.jpg)
![IMG_8106[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_81061.jpg)
