උඩුවේ ධම්මාලෝක හිමියන්ට ආගමික වැඩසටහනක් සඳහා ඔක්තෝබර් 5 වැනිදා සිට 27 වැනිදා තෙක් ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (5) අවසර දුන්නේය.
යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔක්තෝබර් 28 වැනිදා විදේශ ගමන් බලපත්‍රය උසාවියට දෙන ලෙසද ධම්මාලෝක හිමියන්ට නියෝග කැරිණි.
අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත් බව කියන සිද්ධියකට සැකපිට ධම්මාලෝක හිමියෝ උසාවියෙන් ඇප ලබා සිටිති.