බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ඇති කළැයි පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිටපු මන්ත්‍රී හිමියනට ඇප දෙන්නේද නැද්ද යන්න ගැන තීරණය අද පස්වරු 1.00 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහත්මා හමුවේ ධම්මාලෝක හිමියන්ගේ නීතීඥවරු අද කරුණු දැක්වූහ. ධම්මාලෝක හිමියන් අධිකරණයට පැමිණ සිටියේ නැත.

