උඩුවේ හිමිගේ යකඩ කටට නඩු


ශබ්ද විකාශන යන්ත්‍ර මහ හඬින් ක්‍රියාත්මක කිරීමෙන් අවට වැසියනට මානසික  හා ශාරිරික පීඩා සිදු වෙතීයි හිටපු මන්ත්‍රී මිලින්ද මොරගොඩ ඇතුළු පස්දෙනෙකු හිටපු මන්ත්‍රී ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළහ.

මිලින්ද මොරගොඩ, ගමින්ද ජයසිංහ, ඩිරේන් ආර්.ඇලොක්, වෛද්‍ය කාලිංග කළුපෙරුමල, කමලේෂ් ජෝන්පිල්ලේ පැමිණිලිකරුවෝය.

දෙසැම්බර් 6 වැනි දා නඩුව කැඳවීමට නියමිතය.