උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩ වසන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ අවුරුදු දෙකක් පමණ වයසැති අලි පැටවකු සොයාගත් බව වනජීවි නිලධරයෝ කියති.
මෙම අලියා ලබාගත් ආකාරය ගැන පිළිගත් ලිපි ලේඛන ඉදිරිපත් කර නැතැයි ඔවුහු පවසති.
වනජීවි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට ලැබුණු තොරතුරක් මත මෙම අලි පැටවා සොයාගත් බව ඔවුහු කියති. නියෝජ්‍ය අමාත්‍යවරයාද මෙම අවස්ථාවට පැමිණ වැටලීමට දායකවූ පශු වෛද්‍යවරයා ඇතුළු වනජීවි නිලධාරීන්ට තම ස්තූතිය පළ කළේය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා





