උඩුවේ හිමි රට යන්න අවසර ඉල්ලයි


පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමයේ අනවසර අලි පැටවකු ළඟ තබාගත්තැයි සැකපිට නඩුවකට මුහුණ දෙන උඩුවේ ධම්මාලෝක හිමියන් සැප්තැම්බර් 3 වැනිදා සිට  7 වැනිදා දක්වා එතෙර යෑමට කළ ඉල්ලීම ගැන නීතිපති වාර්තාවක් ලබාගන්නැයි කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය.

ලන්ඩනයේ සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ පිංකමකට ඇරැයුම් ලැබී ඇති බව ඒ හිමියන්ගේ නීතිඥවරු උසාවියට දැන්වූහ.

නීතිපති වාර්තාව ලැබෙන තෙක් නඩුව අඟහරුවාදාට (30) කල් තැබිණි.