අනවසරයෙන් අලි පැටවකු ඇති කළැයි සැකපිට අද (9) අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමි මින් මද වේලාවකට පෙර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කළ බව රහස් පොලිසිය කියයි.
එතැන සිටි කැමරා ශිල්පීන් අමතා ඒ හිමියන් පැවසූයේ ‘ඔය ගහන්නේ හාමුදුරුවන්ට නෙමෙයි, ඔය ගහන්නේ බෞද්ධයන්ට‘ යනුවෙනි.
ඇත් පැටවා සම්බන්ධයෙන් ඇලන් මැතිණියාරාමයේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ධම්මාලෝක හිමියන් කියා සිටියේ දායකයන් බල්ලන් බළලුන් හා වැඩිහිටියන් පන්සලට ගෙනත් දමන සිරිතට කවුදෝ අලි පැටියකුද ගෙනත් දමා ඇති බවයි.

