උඩුවේ හිමි ලන්ඩන් බෝධි පුජාවේ


ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ  ආරාධනාවෙන් ලන්ඩන් නුවරට වැඩමකර සිටින පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මෙහෙයවූ බෝධිපුජාමය පිංකමක් පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්විණි. 

උන්වහන්සේ ලන්ඩන් නුවරට වැඩමකළේ සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය මඟින් මෙම මස 16 වන ඉරුදින බ්‍රෙන්ට් නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති වෙසක් පොසොන් පිංකමට සහභාගීවීම උදෙසාය. කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදොළුවාවේ සෝභිත නාහිමියෝද එම පිංකමට සහභාගීවීම සඳහා ලන්ඩන්  නුවරට වැඩමකර සිටිති.

බෝධිපුජා පිංකම ආරම්භයේ අනුශාසනාව පැවැත්වූ  පියදස්සි නාහිමියන් පැවසුවේ ධම්මාලෝක හිමියන් ලන්ඩන් නුවරට වැඩමකර ඇතිබව ආරංචි වීමෙන් පසු විහාරස්ථානයේ දායක දායිකාවක් බොහෝ පිරිසක් උන්වහන්සේගේ බෝධිපුජා පිංකමක්  

සුදානම් කරන ලෙසට තමන් වහන්සේගෙන් ඉල්ලා සිටි බවයි. 16 වන ඉරිදා පැවැත්වෙන වෙසක් පොසොන් පිංකමේදීද ධම්මාලෝක හිමියන් බෝධිපුජාවක් පැවැත්වීමය නියමිත වුවද එම පින්කමට පුර්වාරම්භයක් ලෙසට මෙම සති අන්තයේ බෝධිපුජාව කෙටි දැනුම්දීමකින් අනතුරුව සුදානම් කළ බවඋන්වහන්සේ පැවසුහ. 

බ්‍රෙන්ට් නගරශාලාවෙදී 16 වන ඉරිදා සවස 4 සිට 10.30 දක්වා පැවැත්වෙන වෙසක් පොසොන් පිංකම සහභාගීවීමට කැමති සියලුමදෙනාට එදිනට පැමිණෙන ලෙසට ආරාධනා කරන බවත් උන්වහන්සේ පැවසුහ. එම පින්කමේදී සද්ධාතිස්ස 

දහම් පාසලේ, නර්තන පන්තියේ සහ සංගීත පන්තියේ දරුදැරියන් සහ දෙමාපියන් ඉදිරිපත් කරන බෞද්ධ සංස්කෘතික සංදර්ශනයක් සහ භක්ති ගීත ගායනයක් ඉදිරිපත් කෙරේ.

සංස්කෘතික සංදර්ශනය ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට මහාචාර්ය මුදියන්සේ දිසානායක ලන්ඩනයට පැමිණ සිටී. 

භක්තිගීත සංදර්ශනය ඉදිරිපත් කරන්නේ සංගීත විශාරද අර්චනා දිසානායක විසිනි.

එදින ප්‍රධාන දේශනය පවත්වන ලබනුයේ ඔක්ස්ෆර්ඩ්හි සාරා ෂෝ විසිනි.