උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට


නීති විරෝධීව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට උඩුවේ ධම්මාලෝක හිමි රහස් පොලිසියෙන් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයට ගොස් අත්අඩංගුවට ගත් ඒ හිමියන්  රහස් පොලිසියේ දී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.