පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් එහි විහාරාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට නිකුත් කරන ලද කොන්දේසි සහිත නියෝගය නිසි ආකාරව ක්‍රියාත්මක කරන්නේදැයි යන්න ගැන කරුණු දැක්වීමට ලබන 20 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස් අමරසිංහ මහත්මිය කිරුළපොන පොලිස් ස්ථානාධිපතිට අද නොතීසි නිකුත් කළේය.
මෙම නඩුවේ වගඋත්තරකරු වූ උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණයේ පෙනී සිටිමින් සිය විරෝධතා අධිකරණය වෙත ඉදිරිපත් කළද ඒවාට ප්‍රති විරෝධතා ලබන 20 වැනිදා ගොනු කරන ලෙස මහේත්‍රාත්වරිය නියෝග කළාය.
ශබ්ද විකාශන යන්ත්‍රවලින් පිටවන අධික ශබ්දය හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ මානසික සෞඛ්‍යයට ඇතිවන අහිතකර පීඩාව මැඩ පැවැත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පස් දෙනෙක් මෙම පෙත්සම ගොනු කළහ.

