උඩුවේ හිමිගෙන් පෙත්සමක් : අත්අඩංගුවට ගන්න එපාලු


තමන් අලි පැටියෙක් සන්තකයේ තබා ගන්නේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, එබැවින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා උඩුවේ ධම්මාලෝක හිමියෝ අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

එලෙස අත්අඩංගුවට ගතහොත් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන හෙයින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක වන්දියක්ද ලබා දෙන්නැයි උඩුවේ ධම්මාලෝක හිමියෝ ඉල්ලා සිටිති.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.