මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපති අපේක්ෂකත්වයට සහාය දැක්වීම සඳහා උඩුගම පොදු ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගයකදී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගායක දීපාල් සිල්වාගේ ‘ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු‘ යන ජනප්‍රිය ගීතය ගායනා කිරීමට දීපාල් සිල්වා සමඟ එක් විය.
මුතුහෙට්ටිගම මහතා එහිදී ගීත හයක් ගායනා කිරීමට ගායකයින් සමඟ එක් විය.
‘මා ආදරණීය මගේ අම්මා වෙතටයි‘ ගීතය ඔහු තනිවම ගායනා කළේය.මුතුහෙට්ටිගම මහතා වේදිකාවට ගොඩ වුයේ මැදියම් රැය ආසන්නයේදීය.
‘ඔළුව තදින් නරක් වෙච්ච
මිනිසුන් පිරිසක් හැදිච්ච
අරුම පුදුම රටක් තියෙනවා ඕයි
මහ මුහුදින් වට කෙරිච්ච
අඹ ගෙඩියක හැඩය ගත්ත
ඒකට මරු නමක් කියනවා ඕයි
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
එකෙක් නඟිනකොට ඉහළට
ඇහේ කටු ඇනෙයි අනිකට
අදියි බිමට හෙළයි පහළට ඕයි
පිස්සෝ සුදුස්සෝ යට කොට
පුස්සෝ වැඩ දෙනවා යමරෙට
සෙතක් වෙයිද එහෙම රටකට ඕයි
බඩට නැති වුණත් ලුණු කැට
ඇගට ඕනෑමයි විල්ලුද
ඒකයි ඉහළම සන්තෝසේ ඕයි
නැති බැරි අඟ හිඟ කම් මැද
බිය සැක මැද දුක් විඳ විඳ
ඒකයි ලෝකෙට පරකාසේ ඕයි‘

