අද(13) දහවල් 11.45 ට ශ්‍රි ලංකාවේ මුහුදේ දකුණූ දෙසට රොකට්ටුවක කැබැල්ලක වැටෙතියි කියන ආරංචියත් සමඟ මොරටුව ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානයේ හා කොළඹ ග්‍රහලෝකාගාරයේ නිරික්ෂකයෝ පිරිසක් දුරේක්ෂ ද සමග තංගල්ල නාවික හමුදාව අසල මුහුදු තීරයට පැමිණ සිටිති.
මොරටුව ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥයන් වන සාරාජ් ගුණසේකර, ඉන්දික මැදගන්ගොඩ, ජනක අඩසුරිය, චන්දන පිරිස් මහත්වරු ද ග්‍රහලෝකාගාරයේ ඩී.ඩබ්.එන් මාරසිංහ, නාලක අබේසේකර, පී.බී. රාජසිංහ මහත්වරු නිරික්ෂණයට එක් වී සිටිති.
තංගල්ල නාවික කදවුර අසල නිරික්ෂණ මධ්‍යස්ථානයේ සිට මොරටුව අාතර් සි ක්ලාක් මධ්‍යස්ථානයේ ජනක අඩසුරිය මහතා පැවසුෙව් 11.50 ට පමණ අභ්‍යවකාශ කැබැල්ල වැටෙන බවත් ගණනය කර අැති බවයි. මෙම ග්‍රාහකය ගිනි බෝලයක් ලෙස අහසේ දිස්විය හැකි බවත් ඒය ජායාරූප ගත කර විද්‍යාත්මක පරික්ෂණයක් සිදු කරන බව ඔහු කියයි.
මහාචාර්ය චන්දන ජයරත්න පවසනුයේ දකුණු මුහුදේ කිලෝ මීටර් 65 ක් 88 ක් අෑතින් මෙම ග්‍රාහකය පවතිත විමට නියමිත බවයි.
ජායාරූප -චන්ද්‍රසේන ගමගේ

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/113.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/213.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/312.jpg)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/413.jpg)
![4_(2)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/4_21.jpg)
