උඩින් වැටුණු රෝදයේ තව කෑල්ලක් සොයාගනී


දක්ෂිණ අධිවේගී මාර්ගයට ගුවන් ටයරය වැටුණු ස්ථානයේ සිට මීටර් 60ක් දුරින් එහි ලෝහ රාමුවේ කොටසක් සොයාගත් බව මිල්ලනිය පොලිසිය කියයි. තවත් කොටස් ඇත්දැයි අධිවේගී මාර්ග පොලිසිය සමග ඉරිදා මෙහෙයුමක් අරඹන බවද පොලිසිය සඳහන් කරයි.