විනෝද චාරිකා හා දුර ගමන් සේවා මගීන්ට හා රියදුරන්ට රස කැවිලි අලෙවි කරන මුවාවෙන් ගංජා විකුණු බව කියන තරුණයකු (19) සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබි මෙරට හා කේරල ගංජා පැකට් 100 ක් හා රුපියල් 25000 ක්ද යතුරුපැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත.

