ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් සිංගප්පූරුවේ සිට නවසීලන්තයට යාමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ ශ්‍රී ලාංකිකයකු වන විග්නේෂ්වර රාජා ගජනන්ට සිංගප්පූරු අධිකරණය වසරක සිරදඩුවමක් නියම කර ඇතැයි එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි පවසයි.
ව්‍යාජ ඉන්දීය ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන මොහු පසුගිය සැප්තැම්බර් 8 වැනිදා චැංගි ගුවන්තොටුපළින් ගුවන්ගත වීමට උත්සාහ දැරූ අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු ඉන්දියාවට ගොස් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකසා සිංගප්පූරුව හරහා නවසීලන්තයට යාමට සැලසුම් කර තිබූ සිංගප්පූරු පොලීසිය කියයි.