මගීන් 101 සහ කාර්ය මණ්ඩලය 7 දෙනෙකු සහිත ඉන්දුනීසියා ලයන් එයාර් ජෙට් ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී ඇති වූ කාර්මික දෝෂයක් නිසා ඉන්දුනීසියාවේ බාලි දූපත අසල මුහුදට වැටී තිබේ.
මේ හදිසි කඩාවැටීම නිසා මගීන් කිසිවකුත් මරුමුවට පත් නොවූ අතර 22ක් රෝහල් ගත කරනු ලැබූහ.
ඉන්දුනීසියාවේ ඩෙන්සාර් ගුවන් තොටුපළට මීටර් 50ක් පමණ ඈතින් මේ අනතුර සිදු විය.
පොලීසිය හා ගුවන් හමුදාව ඩිංගි බෝට්ටු මගින් මුහුදේ පාවෙමින් සිටි මගීහු බේරා ගනු ලැබූහ.