උඩවලව පොලිසියේ සැරයන්වරයකුගේ හා සබරගමු සමන් දේවාලයේ පූජාවකට යමින් සිටි අයකුගේ එක සමාන ගමන්මලු මාරුවීම නිසා පොලිස් සැරයන් ගොඩකවෙල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය. හම්බන්තොට වවුනියාව බසයෙන් යන්නට ආ මේ දෙදෙනාගේ බෑග් මාරුවී ඇත්තේ බස් නැවතුමේදීය. සැරයන් ගොඩකවෙල පොලිසියට දුරකතන ඇමතුමකින් කියා ඇත්තේ තම බෑගය බසයේ මගියකුගේ බෑගයට මාරුවී ඇති බවයි. පොලිසිය ඒ බසය ගොඩකවෙලදී නවත්වා බෑගය පිරික්සීය. එහි ගංජා කිලෝ පහකි. බෑගය රැගෙන යාමට ආ සාරයන් අත්අඩංගුවට ගැණිනි. සැරයන් ළඟ තිබූ බෑගයේ වුයේ පූජාවට ගෙනා පළතුරුය.