උඩවලවේ වාන් දොරටු අරියි


පෙරදින රාත්‍රී බලංගොඩ පැවති මහ වැසි සමග උඩවළවේ ජලාශය පිරී වාන් දොරටු හතරක් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු පී ඒ හිමරානි මහත්මිය කියන්නීය.

තත්පරේට ඝන අඩි 13400ක වේගයෙන් ජලය වලවේ ගඟ පහළට මුදා හැර ඇති හෙයින් අම්බලන්තොට වලවේ ගඟ දෙපස සිටින අයට අනතුරු ඇඟවීමක් ද කරයි.

මීට දෙදිනකට පෙරත් මෙලෙසින්ම වාන් දොරටු විවෘත කැරිණි.

උඩවලව ජලාශයේ උපරිම ධාරිතාව අක්කර අඩි දෙලක්ෂ දාහත් දහසකි.