
( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් අද පීලි පැනීමකට ලක් ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1046 දරණ රාත්‍රි තැපැල් දුම්රියේ ඉදිරිපස එන්ජිම සහිත කොටස මෙසේ පීලි පැනීමකට ලක්ව ඇත.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී පවතින බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවද දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු පැවසීය.

